පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව සහ අලිඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ සිටියේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති සංදේශය භාරගැනීමෙන් අනතුරුව ඊයේ පැවති උත්සව සභාව අමතමින්.

එහිදී මහනුවර ඇසළ පෙරහර ඇතුළු සංස්කෘතික මංගල්‍යයන්ට ඇතැම් සංවිධාන මතුකරන විරෝධතා පිළිබඳ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල, මහතා අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු පවසා සිටියේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සහ දරණ ඇතමුන් දළදා වහන්සේට, දළදා මාලිගාවට සහ උභය මහ විහාරයටත් මෙලෙස අපහාස සිදුකරන බවයි.

 

https://www.vnews.lk/storage/2023/09/PRADEEP-NILANGA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content