කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩාලය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

අත්‍යාවශය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

 

WhatsApp Group

Skip to content