අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයන් 09 දෙනෙකු මුදා ගැනීමට සමත්ව තිබෙනවා.

එම පිරිස අතර ඉන්දියානුවන් 08 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

කාර්යමණ්ඩලයේ සිටි ඉතිරි පුද්ගලයින් 07 දෙනා සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම නෞකාවේ කාර්යමණ්ඩලයේ පුද්ගලයන් 16 දෙනෙකු සිට තිබූ අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් වනවා .

ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වී ඇත්තේ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදීයි.

WhatsApp Group

Skip to content