15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙක් කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පාසල් සිසුවිය සිය පෙම්වතාව මුණගැසීම සඳහා ඔහුගේ නිවසට යමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 5 වනදා සවස් කාලයේදී මෙම අපරාධය සිදුව ඇති බවත් මෙහිදී සමූහ දූෂණයට ලක්ව ඇත්තේ පුදුකුඩිඉරිප්පු, පුල්ලිඅඩි පාරේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකදී අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ආරියම්පදී හි පදිංචි වයස අවුරුදු 26ක් වන දෙදෙනෙක් සහ වයස අවුරුදු 32ක් වන අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content