බළලුන් 159 දෙනකු සහ සුනඛයන් 7 දෙනකු ඉතා අපිරිසුදු අයුරින්, හිංසා වන ආකාරයෙන් ඇති දැඩි කළ ප්‍රංශ ජාතික යුවළකට එරට අධිකරණයකින් වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ඔවුන් හට මින් ඉදිරියට සුරතල් සතුන් ඇති දැඩි කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

ප්‍රංශයේ ගිනිකොන දෙසින් පිහිටි නයිස් නුවර නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක සහ 52 හැවිරිදි පිරිමියකු මේ දඬුවමට ලක් වී ඇත.

WhatsApp Group

Skip to content