ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දියාවේ ක්‍රීඩාංගන තුනකදී පුහුණු තරග පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව ගුවහාටි, හයිදරාබාද් හා තිරුවානන්තපුරම් හී දී පුහුණු තරග සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුහුණු තරග පැවැත්වෙන පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එක්වන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.

සත්කාරක ඉන්දීය කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට ක්‍රීඩා කරන්නේ එංගලන්තයට එරෙහිව සැප්තැම්බර් 30 වැනිදායි.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් තරගය ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙකම ගුවහාටි හී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content