කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළදසැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝග්‍රෑම් 1486 ක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස සොරාගත් පැරණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 කට අධික බවයි පොලිසිය සදහන් කළේ.

වැල්ලවත්ත මැනිං පොදු වෙළදපොලේ 4 වන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම සොරකම සිදුව ඇති බව සදහන්.

ඒ අනුව මේ පිළිබද වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content