බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උරුම ශ්‍රවණාගාරයේ දී ඊයේ (27) පැවැත්විණි.

බස්නාහිර පළාතේ සිදු කිරීමට නියමිත පුරාවිද්‍යා සැලසුම්, ක්ෂේත්‍ර ගැටලු සහ ගැටලුවලට පිළියම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම ක්ෂේත්‍රයේ රාජකාරී කටයුතු සිදු කිරීමේදී බස්නාහිර පළාත් පුරාවිද්‍යා නිලධාරීන් හට පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ.ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, සුජීවා පල්ලියගුරු, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, බස්නාහිර පළාත් පුරාවිද්‍යා නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content