අම්පාර, උහන, වෑරන්කැටගොඩ ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උහන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 34ත් අතර වයස්වල පසුවන වෑරන්කැටගොඩ හා ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content