සමනලවැව, රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 66ත් අතර වයස්වල පසුවන බලංගොඩ, හපුතලේ, ඕපනායක, වැලිගේපොල, බෙලිහුල්ඔය, වේවැල්වත්ත, වැලිමඩ, පින්නවල සහ කල්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content