නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක් සහ තවත් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ කළුතර හෝටලයක රථ ගාලේදි පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පුරාවස්තු තොගය රුපියල් කෝටි 03කට ආසන්න මුදලකට අලෙවි කිරීමට මෙම සැකකරුවන් සූදානම් ව සිට ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් ද විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content