ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සදහා දේශීය සහ විදේශීය නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටිනවා.

ඔවුන් මේ වන විට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත පිටත්ව ගොස් ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නිරීක්ෂකයින් 116 දෙනෙකු එක්ව සිටිනවා.

ඒ අතරින් නිරීක්ෂකයින් 78 දෙනෙකු පැමිණ ඇත්තේ යුරෝපා සංගමය නියෝජනය කරමිනුයි.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22ක් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින්ද මේ වන විට සිය නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content