පුරප්පාඩුව පැවති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ නිකුත් කර තිබුණා.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය මන්ත්‍රිධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

ඒ අනුවයි පුරප්පාඩු වු මන්ත්‍රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර ඇත්තේ.

WhatsApp Group

Skip to content