පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය  විසින් බණ්ඩාරගම ගුන්ගමුව පාළු කාමරයක දී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ ඩෙටනේටර් කැෆ් 6 ක්, ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 6 ගෑම් 800 ක් වෝටර් ජෙල් 6 ක් හා  සේවා නූල් මිටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව එම පුපුරණ ද්‍රව්‍ය වලට කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවස්ථා තුනකදී කාමරේ තුළට ගොස්  සැකකටයුතු ලෙස පිටතට පැමිණ හැසිරෙන අයුරු නිරීක්ෂණය කළ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ සෝදිසි  මෙහෙයුමේදී කාමරය තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  එම පුපුරන ද්‍රව්‍ය  පුද්ගලයකුගෙන් මිලදී ගත් බවට ප්‍රකාශ කළ ද ඔහු සන්තකයේ කිසිදු රිසිට්පතක් නොතිබූ බවත් මෙම පුපුරන ද්‍රව්‍ය මිලදී ගත්තේ කිසියම් අපරාධයක් සැලසුම් සහගතව සිදු කිරීමට දැයි සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිත උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
ගුන්ගමුව  සුමංගල මාවතේ පාළු කාමරයක  රැඳී සිට පුද්ගලයකු යම් සැක කටයුතු ක්‍රියාවක නිරත වන බවට සැකයක් පවතින බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක  බළකායේ බුද්ධි නිලධාරීන් ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් දින කීපයක් තිස්සේ එම ප්‍රදේශයේ සැරිසරමින් ඉතා රහසිගතව තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂක  එස් ඩි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබුණා.

WhatsApp Group

Skip to content