පානදුර, සමගි මාවත, සරිකමුල්ල ප්‍රදේශයේදී පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව, කූඨ ලේකන උපයෝගී කරගනිමින් වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන දෙමටගොඩ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content