දෙහිවල ඕබන් ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකාරිය වයස අවුරුදු 31 වන බවටයි පොලිසිය පවසන්නේ.

මොවුන් ඇඹිලිපිටිය කරමැටියාර කොළඹගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර මත්ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හුවමාරු වී ඇති අවස්ථා රැසක් පිළිබදව කොළඹ අපරාධ අංශයට අනාවරණය වී ඇති බව අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදු කරන ලද මෙම ක්‍රියා මැඩපැවැත්වීම සදහා නව වැඩපිළිවෙලක් හදුන්වා දී ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/SHANTHA-BANDARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content