බලපිටිය මහාධිකරණය මගින් පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

2005 වර්ෂයේ දී පිටිගල, අමුගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සහභාගි වී සිටියදී තියුණු ආයුධවලින් සහ මුගුරුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනි මැරීමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අදාළ චූදිතයින්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ.

මෙසේ මරණිය දණ්ඩනය නියමව ඇත්තේ දෙහිවල, මොරටුව හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකුටයි.

WhatsApp Group

Skip to content