මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියමකර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසිනුයි අද එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
එම විත්තිකරුවන් දෙදෙනාට පැමිණිල්ල විසින් ගොනුකළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.
එම නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
සින්නයියා නඩේෂන් නැමැත්තාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

WhatsApp Group

Skip to content