2024 රුසියානු ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පස්වැනි වරටත් රුසියානු ජනාධිපති ධුරය ඉල්ලා සිටින ව්ලැද්මීර් පූටින්ට නියත ජයග්‍රහණයක් ලැබෙනු ඇති බවටයි මත පළ වී ඇත්තේ.

කලාප 29 ක පළමුවරට ඡන්දය භාවිත කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම විදේශයන් හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාල වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීමද විශේෂත්වයක්.

පූටින්ට එරෙහිව අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත්ව තිබූ නමුත් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදින් ඒ අතර නොමැති බවද එරට දේශපාලන වාර්තා පෙන්වා දෙන්වා.

WhatsApp Group

Skip to content