අභිනව අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවයක් සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පිටියේගෙදර විහාරස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය දේශයේ පෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් වර්තමාන පරපුරට කිසිඳු අවබෝධයක් නොමැති බවත් විදේශිකයන්ගේ ග්‍රන්ථ වල පවා ශ්‍රී ලාංකීකයන් සම්බන්ධයෙන් සටහන් ව පවතින බවයි. අභිනව උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ ශාසනික මෙහෙවර ඉතා සුවිශේෂි බවත්ල උන්වහන්සේගේ සමාජල ආගමික මෙහෙවර වඩ වඩාත් ත්‍රීවුරව ඉටු කිරීමට ශක්තිය සැලසේවායැයි ද එම මහතා මෙහිදී සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී තිළිණ බණඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ද එක් විය.

WhatsApp Group

Skip to content