පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට පෙර අදාළ මැතිවරණ නීති සදහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර ඇත්තේ.

මෙම වසර සඳහා මැතිවරණ පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්‍රතිපාදනය තුළ කළමනාකරණය කරගැනීමට සිදුවන බවටයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content