පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් මෙම අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කරනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.

එමෙනම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි.

එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජේ්‍යෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකතාව පළ කර තිබෙනවා.

එමෙන්ම ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගේ මූලික වැටුප පමණක් ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව ද මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content