පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම පිළිබද ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.

අදාළ පෙත්සම ඊයේ විභාගයට ගනු ලැබුවේ අගවිනුසුරු ජයන්ත ජයසුරිය මහතා ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මැතිවරණ කොමිසම විසින් ගෙන තිබු බවයි.

එහෙත් රජය විසින් ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් ඊට අදාළව මැතිවරණ කොමිසමට චෝදනා එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

අදාළ පෙත්සම් විභාගය අතරතුර අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේ කුමන බාධා පැමිණිය ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන බවයි.

WhatsApp Group

Skip to content