මැතිවරණ කොමිසමන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් අද(10) සලකා බැලීමෙන් අනතුරුවයි.

ජනතාවගේ අයිතියක් වන සර්වජන ජන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිසන් සබාව නිසියාකාරව මැතිවරණය පවත්වන බවට තම අධිකරණය හමුවේ මැතිවරණ කොමිසන් සභාව ප්‍රතිඥාවක්ද දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ.

එස්. තුරෙයිරාජා, ඒ.එස්.ටී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා.

අදාළ විනිසුරුවන් තීරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් වන පෙත්සම් තවදුරටත් විභාගයට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවටයි.

WhatsApp Group

Skip to content