පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පැවැත්වීමට අපොහොසත් වීමට අදාළව ගොණුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගනු ලැබුවා.

ඒ අනුව ඊට අදාළ තීන්දුව එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත පරිදි 2023 වසරේ මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම පෙත්සම් ගොණුකර තිබුණා.

WhatsApp Group

Skip to content