කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content