රෝගීන්ට ලබා දීමෙන් පසුව සංකුලතා ඇති වීම හේතුවෙන් පිළිකා එන්නත් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේ අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ අසාදු ලේඛණගත කළ සමාගමක මැදිහත් වීමෙන් බවයි.

එම සමාගමේ මැදිහත් වීමෙන් පිළිකා එන්නත් 2,250ක් මෙරටට ගෙන්නා ඇති බව ද විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සදහන් කළා.

ඖෂධ නියාමන අධිකාරියේ නිල මුද්‍රාව සහිත ව්‍යාජ ලේඛණයක් සකස් කරමින් අදාළ සමාගම ඖෂධ ගෙන්වා ඇති බව ද අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකෙරන බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සදහන් කළා.

මේ ඒ පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා.

https://www.vnews.lk/storage/2023/10/MANOJ-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content