පිලිපීන තානාපති ලියෝ ටිටෝ එල් ඕසන් මහතා සහ සංචාරක, ඉඩම්, ක්රීඩා සහ යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අතර නිල හමුවක් පසුගියදා (21) සංචාරක අමාත්යංශයේ දී සිදු විය.
මෙහි දී දෙරට අතර විදේශ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව කරුණු ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය.
විශේෂයෙන් ශ්රී ලංකාව සහ පිලිපීනය අතර සෘජු සංචාරක ගුවන් ගමන් වැඩි කිරීම, මෙරට තුළ දියුණු වෙමින් පවතින සංචාරක වෙළඳපොළ තුළ ආයෝජන අවස්ථා ඇති කිරීම මෙන්ම ක්රිකට්, රග්බි සහ බොක්සිං ක්රීඩා තරඟාවලි කිහිපයක් දෙරට අතර පැවැත්වීම පිළිබඳ ද මෙහි දී සාකච්ඡාවන් සිදුකරන ලදී.
විශේෂයෙන් නැගී එන ක්රිකට් කණ්ඩායමක් වූ පිලිපීනය සහ ශ්රි ලංකා සංවර්ධිත කණ්ඩායම් අතර ක්රිකට් සංවර්ධනය වෙනුවෙන් තරඟාවලි පැවැත්වීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.
ලෝක රග්බි ශ්රේණිගත කිරීම්වල පිලිපීනය 40වන ස්ථානයේත්, ශ්රි ලංකාව 41වන ස්ථානයෙත් පසුවන අතර දෙරට රග්බි කණ්ඩායම් අතර රග්බි තරඟාවලියක් පැවැත්වීමට ද මෙහි දී අවධානය යොමු කරන ලදී.
තව ද ශ්රී ලංකාව තුළ හෝටල් පාසල් සහ නිපුණතා සංවර්ධන මධ්යස්ථාන ප්රවර්ධනය කිරීම, මෙරට තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරිම, දෙරට අතර සංස්කෘතික ඒකාබද්ධතා වැඩසටහන් සංවිධානය කිරීම, තරුණ හුවමාරු සහ ඒකාබද්ධතා වැඩසටහන් සංවිධාන කිරීම පිළිබඳව ද සාකච්ඡා සිදු විය.
එමෙන්ම මෙරට තුළ පාරිසරික සංවර්ධන වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමට ද පිලිපීන තානාපතිවරයා මෙහි දී එකඟ විය.

WhatsApp Group

Skip to content