පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වුවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු සිටින බව ද වාර්තා වනවා.

බී බී සී පුවත් සේවය පැවසුවේ යාත්‍රාවේ සිටි මගීන් 230ක් දිවිබේරා ගෙන ඇති බවයි.

යාත්‍රාවේ වායුසමනය කරන ලද මැදිරියක් තුළයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගින්නෙන් පීඩාවට පත්වුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන බවයි පිලිපීන වෙරලාරක්ෂක බලකාය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content