පිලිපීනයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

මෙම භූ කම්පනය පිලිපීනයේ මැනිලා අගනුවරට කිලෝමීටර 124 ක් දුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදුව නොමැති බවද වාර්තා වී තිබෙනවා.

මේ අතර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පිලිපීනයේ බොහෝල් දූපතට ආසන්නයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක් හටගත් අතර එයින් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරුටත් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content