පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රාන්තයේ දරුණු භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එම භූ කම්පනයේ අගය රික්ටර් මාපක 7.1ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

අද උදෑසන මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ මින්ඩනාඕ ප්‍රාන්තයේ කිලෝමීටර් 630ක් දුරින් බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ.

භූ කම්පන හානි වාර්තා නොවුණ ද, පසු කම්පන සිදුවීම්වලින් වන හානිය වැඩිවිය හැකි බවයි එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content