පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසනවා.

ඒ සදහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනතේ සංශෝධන කිහිපයක් සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මේ බව ප්‍රකාශ කළා.

අදාළ පනත්වලට සංශෝධන එක්කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content