පිරමීඩ ජාවාරම මෙහෙයවූ ආයතන හා පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් ලබා දීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරයා පැවසුවේ පිරමීඩ යනු කිසිසේත්ම ව්‍යාපාරයක් නොවන බවත්, එය අපරාධයක්ම වන බවයි.

එබැවින් පිරමීඩ ජාවාරමේ යෙදුණු ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවිමට හැකියාව පවතිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත අනුව මෙම ජාවාරම තහනම් කළ බැවින් ඉන් අනතුරුව මේ සඳහා බලපානු ලබන්නේ අපරාධ නීතිය බවයි.

ඒ අනුව නීතිපතිවරයා දැනුවත් කර මේ සම්බන්ධයෙන් වන පැමිණිලි පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර අපරාධ නීතිය යටතේ මෙලෙස ජනතාව රවටන සමාගම්වලට සහ ඒවා මෙහෙය වූ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content