පිරමීඩ ජාවාරම් වල යෙදුනු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසිය සමත්ව තිබෙනවා .

ඔවුන් අතර චීන ජාතිකයන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ .

අදාළ චීන ජාතිකයන් මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා .

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා .

මේ පිළිබද වැඩිදුර විමර්ශන කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වනවා .

 

WhatsApp Group

Skip to content