සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලද වංචාකරුවන් පිළිබද විමර්ශනය කරමින් පවතින බවටයි මහා බැංකුව අවධාරණය කර සිටින්නේ.

ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා මෙන්ම ප්‍රකට ක්‍රීඩා මගින් අනුග්‍රහකත්වය දක්වමින් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට මොවුන් උත්සහ ගන්නා බවද මහ බැංකුව පවසනවා.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීම දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඉන් වැළකී සිටින ලෙසටයි ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියේ .

 

WhatsApp Group

Skip to content