අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම්.ටී.එෆ්.ඊ.එස්.එල් නමැති අන්තර්ජාල මුදල් ආයෝජන ගනුදෙනුවක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පිරමීඩාකාර නීතිවිරෝධී ආයෝජනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවිනුයි ඔහු නිතීඥවරයකු මාර්ගයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ සැකකාර විධායක නිලධාරියා අන්තර්ජාලය ඔස්සේ සැකකටයුතු මුදල් ආයෝජනයක නිරත වන බවට මහ බැංකුව විසින් සිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

WhatsApp Group

Skip to content