පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) දින අලුයම හැටන් පොලිසිය භාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසුුුවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අම්බර් නැමති මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරමින් පාසල් සිසුවා හැටන් දුම්රිය ස්ථානයෙන් (19) දින අලුයම බැස දුම්රිය ස්ථානයේ රැදි සිටියදි හැටන් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන පණිවිඩයක් මත අතරමංව සිටි පාසල් සිසුවා පොලිස් භාරගත බවයි පොලිසිය කියා සිටියේ.

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටියදි පියා පැමිණ ගෙදරින් යන ලෙස බල කරමින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, පියා විසින් බඳ පටියෙන් තමන්ට පහර දිම නිසා පිට කොන්දේ තුවාල සිදු වි ඇති බව කියා සිටි පාසල් සිසුවා වැඩිදුරටත් කියා සිටියේ මව සහ පියාගේ වද හිංසා හමුවේ ඉකුත් (17) දින අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණ මිත්තණියගේ නිවසට යාම සදහා තමන් බදුල්ල දුම්රියට වැරදිමකින් නැගි බවයි.

එම පාසල් සිසුවා කියා සිටින්නේ තම මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත්, තම පවුලේ වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක්ද සිටින බවයි.

පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටිමින් පාසල් අධ්‍යාපනය ලබාගත් බවත්, 10 වසර තෙක් අධ්‍යාපන ලබමින් සිටින අවස්තාවේ පාසලෙන්ද තමන්ව ඉවත් කල බවත් සිසුවා ප්‍රකාශ කළා.

මව සහ පියාගේ වද හිංසා හමුවේ තමන්ට ආපසු නිවසට යාමට නොහැකි බවද එම පාසල් සිසුවා කියා සිටියා.

WhatsApp Group

Skip to content