දිනපතා බිමත්ව පැමිණෙන පියාගෙන් සිදුවන හිරිහැර හේතුවෙන් පාසල් සිසුවියන් දෙදෙනෙකු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර පරිවාස අධික්ෂණය යටතේ යලිත් එම සිසුවියන් දෙදෙනා මිත්තණිය වෙත භාර දිමට පියවර ගන්නා බව දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

දිඹුල පතන පොලිස් වසමට අයත් තේ වත්තක පදිංචි අවු 16 සහ 14 වයස් කාණ්ඩ වල පසුවන මෙම පාසල් සිසුවියන් දෙදෙනාගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවත්, පාසල් සිසුවියන් දෙදෙනා මිත්තණිය භාරයේ සිටි බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

පියා දිනපතා අධික ලෙස බිමත්ව පැමිණ මිත්තණියට සහ තමුන් දෙදෙනාට කැගසමින් බැන වදින බවත්, එම තත්ත්වය මත තමන් දැඩි භිතියෙන් නිවසේ සිටින බවට එම පාසල් සිසුවියන් දෙදෙනා දිඹුල පතන පොලිසියට පවසා ඇත.

පියාගෙන් සිදු වන දැඩි පිඩනය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලද පැමිණිල්ලක් මත දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම වතුයායට ගොස් සිසුවියන් දෙදෙනා මිත්තණිය සමග
අද (08) දින පොලිස් භාරයට ගෙන ඇත.

WhatsApp Group

Skip to content