කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා.

මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ යාබද ඇති පොකුණට දිය බීමට එන වන අලි නැරබීමට යාමේදී විහාරස්ථානයට යාබද කැලැවෙන් ඇසුන ශබ්දයක් පරීක්ශා කිරීමේදී පිඹුරෙකු මොනරෙකු ගොදුරු කරගෙන සිට් අයුරු දැක ඇතගවිහාරාධිපති හිමියන් එම ස්තානයට යන විටදිත් මොනාරා පිඹුරාගේ ග්‍රහනයට හසුවී මියගොස් සිි බව හිමියන් පැවසුවා.

තවද මෙම පිඹුරා දිග අඩි 10කට වඩාදිගින් යුතු බවත් පිඹුරා ගොදුරු කරගන්නා ලද මොනරාද තරමක් විශාල මොනරෙකු බව හිමියන් පවසතිග මෙම පිඹුරා පැයකිහිපයක් වෙහෙස දරා මෙම මොනරා ගිලදමා නැවතත් කැලෑවතුලට වැදුනු බව විහාරාධිපති කහටගස්දිගිලියේ පඤ්ඤාලෝක හිමියන් පැවසුුුවා.

WhatsApp Group

Skip to content