පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව තව දුරටත් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන පරිදී සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පින්නවල එළිෆන්ට් බේ හෝටලයේදී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම වැඩසටහනේ පළමු වර්ෂය සඳහා මෙවර අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදල මිලියන 750 කි.

කෑගලු දිස්ත්‍රික්කය ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වශයෙන් සංචාරක ආකර්ෂණයක් සහිත වන අතර භූවිෂමතාව සහ වෙනත් සුවිශේෂී සංස්කෘතික වටිනාකම් රාශියකින් යුතු දිස්ත්‍රික්කයකි.

නාගරික සංවර්ධන අධිකාරිය හරහා සැලසුම් ගතවන මෙම සංවර්ධන වැඩපිළිවෙළට අදහස් හා යෝජන ලබාදීමට රාජ්‍ය ආයතන කීපයක් එක්විය.

WhatsApp Group

Skip to content