පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසන්නේ මෙය පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ගුණයකින් පහළ යාමක් බවයි.

මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා කියාසිටියේ එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් දක්වා අඩු වී ඇති අතර, ඊයේ වන විට බෝංචි කිලෝවක මිල රුපියල් රුපියල් 100 දක්වා අඩු වී ඇති බවයි .

තක්කාලි කිලෝ එකක් රුපියල් 150ත් – 180ත් අතර මිලකට අලෙවි වන අතර, රුපියල් 450කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 – 100 අතර මිලකට අලෙවි වන බවද මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති වරයා වැඩි දුරටත් කියාසිටියා .

මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කේක් නිෂ්පාදන ඇතුළු අනෙකුත් නිෂ්පාදනවල හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, වෙළඳපොලේ මේ වනවිට පවතින බිත්තර හිඟය හේතුවෙන් .

ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස අඩු වී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබා නොදී තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහළ දැමූ භාණ්ඩ බොහෝමයක මිල ගණන් මේ වන විට පහත බැස තිබෙනවා.

නමුත් බොහෝ වෙළඳසැල් හිමිකරුවන් විසින් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බවටයි එම අධිකාරියට පැමිණිලි ලැබී ඇත්තේ.

එබැවින් දිවයින පුරා වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති නිතීඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/SHANTHA-NIRIELLA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content