පෑලියගොඩ මැනිං වෙළදපොලේ කටයුතු අද දිනයේදී සාමාන්‍ය පරිදි සිදුවන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසනවා.

පෑලියගොඩ මැනිං පොදු වෙළදපොලේ කඩ කාමර සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මූලික කර ගනිමින් එහි පැවති විරෝධතාවයක් අතරතුරදී මැනිං පොදු වෙළද සංගමයේ සභාපතිවරයා ඇතුඵ 17 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා.

ඒ, එම පිරිස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

WhatsApp Group

Skip to content