පෑලියගොඩ අවට ප්‍රදේශ රැසක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

අද පෙරවරු 08.30 සිට රාත්‍රි 08.30 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.

සපුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ හදිසි බිද වැටීමක් මත බියගම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීම හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදුවන්නේ.

අදාළ කාලය තුළ පෑලියගොඩ , වත්තල , ජා ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම කැළණිය , වත්තල , බියගම , මහර , දොම්පෙ , කටාන සහ මිනුවන්ගොඩඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content