ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇතැයි පැෆරල් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
එම සංවිධානය පවසන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව වැඩබලන පොලිස්පතිවරයකු පත්නොකරන තත්ත්වයක් තුළ මෙම අවිනිශ්චිතතාව මතුව ඇති බවයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ඊයේ මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමුකර තිබෙනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ පිළිබඳ වරින්වර අවිනිශ්චිතතාවයට පත්වීම රාජ්‍යයේ, පුරවැසියාගේ හා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ගෞරවයට බරපතළ හානියක් බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content