සාධාරණ පදනමකින් තොරව මාස 8 කට අධික කාලසීමාවක් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙසේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි හේතුව ලෙස ආණ්ඩු පාර්ශවය පවසන්නේ මුදල් නොමැති බව වුවද, පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවටයි පැෆරල් සංවිධානය අදාල ලිපියෙන් දන්වා ඇත්තේ.

එමෙන්ම මෙම තත්ත්වය පිළිබදව සිය කණගාටුව පළ කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපියෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර මෙවැනි සංවාදයක් ද ඇති වුණා.

https://www.vnews.lk/storage/2023/11/AGAMATHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content