2024 පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ජුලි 26 වනදා ආරම්භ වුණු ඔලිම්පික් උලෙළ දින 15කට වැඩි කාලයක් පැවැත්වුණා.

ක්‍රිඩා ඉසව් 32 කට අදාළව තරග 329ක් සදහා ක්‍රිඩක , ක්‍රිඩිකාවන් 10 714 දෙනෙකු එක්ව සිටියා.

මෙවර ඔලිම්පක් උලෙළේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම චීනය සමත්ව තිබෙනවා.

ඔවුන්ට හිමිව ඇති රන් පදක්කම් සංඛ්‍යාව 39ක්. එමෙන්ම ඇමරිකාව රන් පදක්කම් 38 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.

පදක්කම් සටහනේ තුන්වන ස්ථානයට පත්ව ඇති ඔස්ටේ්‍රලියාව රන් පදක්කම් 18ක් දිනාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content