පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටතුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එහිදී අදාළ ආයතන අතර පවතින බාධක නව නීතියකින් ඉවත් කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරන ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගීල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content