2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ, මෙම තීරණය ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

එමෙන්ම පසුගිය කාලයේ මුද්‍රණය කරගත නොහැකිව තිබූ රියදුරු බලපත්‍ර ලක්ෂ තුනක ප්‍රමාණයක් ද ඉදිරි මාස කිහිපය ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content