කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .

මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරෙන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11 යන ප්‍රදේශවලටයි .

ඒ අනුව හෙට  පස්වරු 2 සිට ඉරිදා පස්වරු 2 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි .

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට තීරණය කර ඇති බවයි  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content