2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 78ක් රැස් කළා.

එහිදී ලෝකි ෆර්ගසන් කඩුලු 03ක් බිඳ හෙළීමටයි සමත් වුණේ.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 79ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී ඩෙවෝන් කොන්වේ ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුනා.

WhatsApp Group

Skip to content